"The reason I wrote my books in the first place was to preserve the stories of my childhood for today's children, to help them to understand how much America had changed during my lifetime..." Laura Ingalls Wilder (1867 - 1957)

Monday, May 17, 2010

කවි මඩුවක වග 03

දෑවැද්ද හොඳද නරකද?

දෑතම එකතුකර සරසවියට වැන්ඳ
පසුවයි ආවෙ කවි මඩුවට සිත බැන්ඳ
හොඳදැයි නරකදැයි කීමට දෑවැද්ද
අවසර මටත් කෙරුමට කවි පද බන්ඳ...

ගෑණිත් අරන් දෑවැද්දත් අරගන්න
හිතනා එවුන් දැන් මේකත් අහගන්න
සමහර ජාති වල මම හොඳ හැටි දන්න
පිරිමිත් පුදති දෑවැදි ගැහැණුන් ගන්න...
පොඩ්ඩක් ඉවසලා මේකත් අහගන්න
ඕකට පිළිතුරක් දීලා ඇත ඔන්න
කැමැත්තෙන්ම දෙනවානම් අරගන්න
යට ඇති කවිය දැන් පොඩ්ඩක් කියවන්න...
යුතුකම ලෙසට දෙනවා නම් දීම යුතූ
බලෙන් ඉල්ලලා ගන්නට නෑනෙ යුතූ
කොපමණ වෙනවාද මේ වගෙ අකටයුතූ
දෑවැදි ශබ්ද කෝෂෙන් පිටු දැකිය යුතූ...
හදලා මව් පියන් දරුවන් විඳල දුක
ගුණ දම් කියාදී ඉන්නට දහම රැක
ඒ දූවරුන් යවනා විට දීගයක
දෑවැදි ඉල්ලනා උන් පිරිමිදැයි සැක...

බඩගිනි නිවන්නට දෑවැද්දක් ඉල්ලයි
උඹ ගැන පුතේ ඇත්තට මටනම් ලැජ්ජයි
නිකමට වගේ කිව්වත් ඇත්තම ඇත්තයි
ඔහොමම ගියොත් බොට කෙළවෙනවා සත්තයි...

දුන්නොත් ගනින් මම කීවේ නැහැනෙ එපා
දෑවැදි ඉල්ලමින් පස්සෙන් යන්න එපා
කෙල්ළෙක් අල්ලලා බොරුවට සෙනෙහෙ පපා
හිඟමන් ඉල්ලලා චාටර් වෙන්න එපා... 

බඩ තර මුදලාළි මස් කඩ හිමිකාර
ගෙනෙනා එළදෙනක් මෙන් හරි හැඩකාර
ගෙනෙනා ප්‍රියාවිය නුඹ බැඳ කරකාර
හට නුඹ පෙනෙනු ඇත වගෙ මස් කඩකාර...

තමන් හිසට තම අතමය සෙවනැල්ළ
අහලා නැතිද මේ කවි උඹ මගෙ මල්ල
අනුන්ගෙන්ම යැපෙනට පා ගෙන අල්ල
හිටියොත් උඹට නෑමයි කිසි සැනසිල්ල...
නිශාචර වුනේ මම කාළෙකට පෙර
බැරි වූ නිසයි නිදනට රෑ යාමෙ පෙර
රාත්‍රියයි මට හැමවිට ප්‍රියංකර
නිශාවටම පෙම් බැඳි මම නිශාචර...
දෑවැදි දෑවැදිම වේ දුන්නත් කවුරූ
ඒවා දෙන්නෙ ගැහැණුන් පැනි කොටු පවුරූ
දෙන්නෙත් නැතේ ඉල්ලන්නෙත් නෑ මිතුරූ
උඹ තව දන්නෙ නෑ මිතුරේ මම කවුරූ...
දෙන්නම් මචෝ දෙන්නම් හිත සැනසෙන්න
කවදද එන්න හැකි කැමතියි දැනගන්න
කෑමත් බීම සමගම නිවසක් දෙන්න
පවුලත් හොයනවා බලු පැටියෙක් ගන්න...
රිදවන්නට හිතාගෙන නෑ මම කීවේ
හඬන්නට එපා මම විහිළුය කෙරුවේ
බල්ලෙක් උනත් ඇයි උඹ බොරුවට බිරුවේ
ඉල්ලූ නිසයි මම එය දෙන්නම් කීවේ... 

ගොඩ මඩ ඉඩම් විතරද උඹෙ ධනයෝගේ
මටනම් හැඟේ උඹ දැකලා නැත ලෝකේ
තම දෙපයින්ම හිටගත්තොත් එයයි අගේ
අහගන් එය තමයි ජීවිත ආලෝකේ...
කන්නට දෙන්න බැරිනම් ඇඳුමක් අන්ඳා
උඹ මොනවටද එන්නේ බිරිඳක් කැන්දා
කිසිවක් දැනුම් තේරුම් ගෙන නැති හින්දා
බින්නම බැහැ ගනින් නොම ගෙනවිත් කැන්දා...
කෙල්ලන් සොයමින් යන්නා
දෑවැද්දත් ඉල්ලන්නා
සියල් සපිරි කසාදයක්
මේ කපේදි නොම වෙන්නා...
මුන්ට පිස්සු උඹ පලයන් දුටු ගැමුණු
වාදය කරන්නට මුන් ලඟ නැහැ කරුණු
දෑවැදි ඉල්ලමින් ගැහැණුන් ලඟ නැමුණු
උඹලගෙ පිරිමි කම ගැන නැවතත් සිතනූ...
ගෑනුන් ගන්නෙ මොකටද උඹ නාකි වුන
ලස්සන කෙල්ලො සොයනට දැන් නැද්ද වෙන
හැඩ ඇති වයස අඩු ගෑනුන් සොයාගෙන
යනවානම් හොඳයි උඹ ඇඟ හදාගෙන...
ආවා විතරමයි දැක්කේ උඹව සනා
කතා නැතුව ඉන්නේ ඇයි ඔළුව වනා
දෑවැදි එපා කියමින් පද එකට අනා
කවි පද බඳිමු වාදය කර ගන්ට දිනා...
බඩගින්නට විසඳුම දෑවැද්දමද
දෑවැදි නැති වුනොත් උඹ මැරිලා යයිද
රස්සාවක් කරනට හයියක් නැද්ද
ලස්සන කන්න බැරිමුත් වෙන වැඩ නැද්ද...
උඹට දවල් වුනාට බන් මට හවස
අඳුරත් ගලාගෙන එනවා වෙත නිවස
දෑවැදි ඉල්ලනා නිවටුන්ගේ පවස
නිවනට මමත් ලියනව කවි මුළු දවස...
අන්න බොලේ නියම වැඩේ ඌත් ගොඩට ගියා
දිල්ටත් දැන් දැන් එන්නේ නියමම අයිඩියා
ආච්චිවයි සුමින්දවයි පෝරුව උඩ තියා
මිනී පෙට්ටියක් දෙමු අපි දෑවැද්දට කියා....
ආච්චිට වුවත් දෑවැද්දක් තියෙන
දීගෙක යන්න කිසි අඩුවක් නැත පෙනෙන
දෑවැද්දටම හැමදාමත් කෙළ හලන
මේ වගෙ එවුන් තවමත් ඉන්නවා මෙතන...
ගිය දුර එපා සොය සොය යන්නට නැන්දේ
කවි පද දෙක තුනක් කියමුද දා සද්දේ
හොඳ දැයි නරකදැයි කියමින් පද බැන්ඳේ
ගුණ දොස් තමයි අපි කවියෙන් දෑවැද්දේ...
ලිව්වා පැය ගණන් කවි පද වැල් ගලපා
දැන්නම් මට ඇතී යන්නට වෙයි පිටුපා
හෙට දින නැවත එමි වැඳ සමිඳුගෙ පිණිපා
ආයෙත් කියන්නේ දෑවැද්දනම් එපා...

9 ප්‍රතිචාර:

දිල් said...

අනේ ඉතින් දැන් නම් කවි ඇති වගේ නිශාචරයෝ.....ගිය සතියෙම උන්නේ කවි කවියෙන්මනෙ. දැන් නිකම් ඇවිදෙන්නෙත් කවියෙන් වගේ...හික්ස්..දන්නවනෙ ඉතින් දිල්ගෙ කවි ගැන...නේද .......

දැන් ඉතින් වෙන දෙයක් ලියමු...අපි ලියමු ඔසීලා ගැන :P

පබලු said...

නිශාචරයා ඔයා නේද
ඔලුවෙන් හිටිය වවුලා..හික්z

කවි ඇති නම් තමයි දැන් නම්.ආයේ දවසක ලියමු කතා.

නිශාචරයා Nishacharaya said...

@ දිල්, පබලු,
මට පේන්නෙ දෙන්නම බය වෙලා වගේ මඩ කාපුවා ප්‍රසිද්ධ වෙනවට හිකිස්... :P
ඇත්තටම මම පළවෙනි පාරටයි ඔච්චර කවි තොගයක්(තොගයක් කිව්වට ඉතින් ඔයාලා දෙන්නගෙ ලඟටවත් නෑ) ලිව්වේ... ඉතින් මට හිතුනා ඒ ටික බ්ලොග් එකේම තියාගන්න.. පොඩි එකාගෙ ආසාවනේ.. සමා වෙන්ට ඕනේ... :)
අනික ඔසී කතා ලියන්න කස්සා ඉන්නවනේ දිල්.. මම ඉතින් කවිම ලියන්නම් තරහ නෑනෙ... :D

වැප් said...

කවි කවි ගන්න කවී ..............

හපොයි මටත් දැන් කිව්වා වගේ හැම තැනම කවි පේනවා .... හිකිස්

නිශාචරයා Nishacharaya said...

@ වැප්,
කියලා වැඩක් නෑ මචන්... :D

Dinesha Dilhani Piyasena said...

Wow great dude,niyama kavi situvili!!

නිශාචරයා Nishacharaya said...

Thanx Grl...

කතන්දර Kathandara said...

ලියවෙන ගෙතෙන කියවෙන හැම අකුරකම
ලොකු බලයක් ඇතිය ඒ ගැන සැකය කිම
බ්ලොග් කියවන ලියන හැමටම ලබන මෙම
නව අවුරුද්ද ජයවේවා පතමි මම

දාහක් හමාරක් තව ලිපි ලියවේවා
කියවන අයගෙ ඇස් ඒ දෙස යොමුවේවා
සැමටම එයින් හද තුල තුටු ඇතිවේවා
සිංහල වියුණු අවකාශය බැබලේවා!

-කතන්දරකාරයා

Unknown said...

එසේම වේවා කතන්දරටත්...!!!

Post a Comment

යන ගමන් පුංචියට හරි අඩි සළකුණක් තියලම යන්න... මේ ගමනේ කොහේදි හරි, කවදා හරි අපි ආයෙත් හමුවේවි. එදාට ආපහු හැරිලා බලද්දි ඒ පුංචි සළකුණ ලොකු මතක සටහනක් වෙලා තියෙන්නත් බැරි නෑ....