"The reason I wrote my books in the first place was to preserve the stories of my childhood for today's children, to help them to understand how much America had changed during my lifetime..." Laura Ingalls Wilder (1867 - 1957)

Saturday, May 15, 2010

කවි මඩුවක වග 01




   කාලෙකින් මොනවත්ම නොලියපු නිසා ලියන්න ගත්තත් මේ දවස් වල ලියන්න කියලා කිසිම දෙයක් ඔළුවට එන්නෙ නෑ. මේ දවස්වල කරන එකම වැඩේ කවි මඩුවට වෙලා මඩ ගහගන්න එක තමයි :) ලියන්න දෙයක් නැති එකේ ඒ ලියපු කවි වගේ දේවල් ටිකවත් බ්ලොග් එකට ඇදලා දාන්න කියලා හිතුනා. 
    කවි මඩුව තනිකරම මඩ වලක් වෙලා තියෙන වෙලාවක තමයි මම මේ ලියන්නේ. ඉතින් කවි මඩුවෙදි මගේ මඩ ප්‍රහාරයන්ට නිතරම මුහුණ දෙමින්, හැම මාතෘකාවකදිම මගේ විරුද්ධ පාර්ශවය නියෝජනය කල හා කරන මගේ සහෝදර "වැප්" ට විශේෂ ස්තූතියක් පිරිනමන්නත් මම මේක අවස්ථාවක් කරගන්නවා. : D
   ඉතිහාසයේ ප්‍රථම වතාවට අකමැත්තෙන් වුනත් මටත් කුට්ටි කළ පොස්ට් එකක් දාන්න වෙනවා... මෙන්න පළවෙනි කුට්ටිය....


පුහුණුව
අහෝ දෙවියනී මට වුනු වියෝයා
කවි කියන්න වව්ලෙක්වත් නැතේයා
මගේ දුක බලා පිහිටක් කෙරේයා
යකෙක් වුවත් කම් නෑ මෙහෙ වරේයා...
ආවෙමි මමත් දත කට මැද උදෑසනේ
කවි වාදෙකට පැටලෙන්නට වෙලාසනේ
මඩුවම හිස්ය කිසිවෙකු නැත මුලාසනේ
සක් දෙවිඳුනේ කොයි ඔබෙ පඬු පුලාසනේ...



පහන් දැල්වීම
දුරු කරලා ලන්නට මෝහයෙ අඳුර
ප්‍රඥා පහන් දැල්විය යුතුමයි නිතර
අඩු වන්නට තව මෙහි පවතින අඳුර
දල්වමි මමත් පහනක් පිළිගන් මිතුර...
ජය හෝ පරාජය සමවම විඳගන්න
කවියෙන් කවිය ගලපා රස පතුරන්න
සතුරන් නොවේ මිතුරන් වැඩි කරගන්න
කාලය නොවෙද දැන් වාදය අරඹන්න...
ඊයේ රෑත් සුපුරුදු ලෙස මම වැඩය
කවි ලිය ලියා සිටියත් තව නිදි නැතිය
දැන් නම් නිදි කුමාරියගෙන් කරදරය
නොගියොත් අද රෑට වැඩ කර අහවරය...
මේ අහපන් අනේ වැපෝ
බොරුනම් කියවන්න එපෝ
හෙඩිම කොහෙද නෑනෙ අපෝ
හොයලා දීපන්කො යකෝ...
හා හා කොල්ළනේ කලබල වෙන්න එපා
කවි සිතුවිලි නම් දියකර ගන්න එපා
අකමැත්තෙන් වුවත් කිව යුතු වේය වැපා
හෙඩිමක් නැතුව නම් ආයෙත් එන්න එපා...








4 ප්‍රතිචාර:

වැප් said...

මේ උබ කාපු නාපු මඩ ටික දාන්නේ කොයි අහද?

හිකිස්

නිශාචරයා Nishacharaya said...

@ වැප්,
ඒ ටික මමම දාන එක හරි නෑනෙ බන්.. ඒවා උඹ දාපන්... හිකිස් :D

Ansh Lucky Sri Jay said...

ෂා..! වැඩේ ජයටම ගිහින් නෙව. නියමයි..!
:D

අනුරාධ said...

ශේ.... ඔය තියෙන්නේ යස අගේට. හොඳ වෙලාවට මෙහෙම දැම්මේ . මඩුව ඇතුලෙදි ඔය කවි වලින් 1ක් වත් මගේ ඇහැ ගැටුනේ නෑ නොවැ. මෙහෙම දැම්මේ නැත්නම් දකින්න වෙන්නෙම නෑ. එල එල.

Post a Comment

යන ගමන් පුංචියට හරි අඩි සළකුණක් තියලම යන්න... මේ ගමනේ කොහේදි හරි, කවදා හරි අපි ආයෙත් හමුවේවි. එදාට ආපහු හැරිලා බලද්දි ඒ පුංචි සළකුණ ලොකු මතක සටහනක් වෙලා තියෙන්නත් බැරි නෑ....