"The reason I wrote my books in the first place was to preserve the stories of my childhood for today's children, to help them to understand how much America had changed during my lifetime..." Laura Ingalls Wilder (1867 - 1957)

Wednesday, May 19, 2010

කවි මඩුවක වග 05

විවාහ ජීවිතේද හොඳ? තනිකඩ ජීවිතේද?

ආවා ඔන්න ආවා මම කවි රැගෙන
කවුරුත් මොකද තාමත් නැත්තේ මෙතන
වැප් සහ සෝරො ඇයි නිහඬව බලාගෙන
විවාහයද තනිකඩදැයි කියනු මැන...

තවමත් තනිකඩයි මම කෙල්ලෙක් නැතුව
බැන්ඳොත් නැතිව යයි ඇති ආතල් සතුව
ලැබුනොත් දිනක කෙල්ලෙක් විලසින් පැතුව
බඳිනව එතෙක් ඉන්නවා තනියට නතුව...

දැන්නම් ඉතින් පැත්තක් ගන්නට වෙනවා
දෙපැත්තටම යන්නට ආසා වෙනවා
අනුවත් වැපත් මට මේ ගැන පවසනවා
කොයි පැත්තටද අඩු මම ඒකට එනවා...

වැට උඩ ඉන්න එක අවදානම් වාගේ
දැන් දැන් වැටත් සෙලවී යනවා වාගේ
ඉක්මන් කරන් බන් මට දැන් ඇති වාගේ
විවාහයට මගෙ හිත ඇදෙනව වාගේ...

වෙනස් වෙලා ඉතිහාසය පළමු වර
වැපා සමග එක පැත්තේ නිශාචර
අදිමු අදිමු ගේමම දැන් දාලා බර
තනිකඩයට කෙලවන්නට අනුවො වර...

ඔබේ පාට නිල් පාටයි
ඒ පැත්තේ සසීන්ද්‍රයයි
පීටර් හා දිල් නෝනයි
උඹලට දෙවියන් පිහිටයි...

ඇයි නංගියෙ දිල් නංගියෙ බයද ඔයා
පාට දැකපු ගමන් මෙයා යන්න ගියා
තරහ නැතුව මේ පාරෙන් එන්න මෙයා
විවාහයට පිවිසෙන් මුළු ලොවට කියා...

දැන්නම් ඉතින් මගෙ ඔළුවත් පිස්සු වුනා
තනිකඩ වෙන්න කවුදැයි පෙර කැමති වුනා
පෙනෙනා ලෙසට තනිකඩයින් නැතිවෙමිනා
බඳින පිලට මේ ඔක්කොම පාත් වෙනා...

පීටර් කොළුවා කෝ ආගිය අතක් නැතී
දිල් නංගී හිටියත් ඇය එන්නෙ නැතී
සසීන්ද්‍රටත් දැන් යන එන මං නොමැතී
අනේ හිපෝ මට උඹ ගැන දුකත් හිතී...

අපොයි නගේ මම ඕවා දන්නෙ නැතී
පාට නිසා නොව මම මේ පැත්තෙ ඇතී
පාටක් මොටද උඹෙ හිත උඹ දන්නෙ නැතී
කවියක් ලියමු වී පැත්තට උඹ කැමතී...

වැපා එය කලේ අප කාගෙත් හොඳට
කිසිවෙක් සිතා පිලකට ගියෙ නැති කමට
ඕකට ඔය තරම් ඔරවන්නේ මොකට
අමතක කර පාට කවි පබඳිමු ජයට...

බලන්න දිල් දැන් මෙහි පාටක් නෑනේ
බොරු කලබල කිසිවක් ඕනෑ නෑනේ
වාද කරන්නට දෙපිලක් ඕනෑනේ
විවාහෙටයි මම තනිකඩ වෙන්නෑනේ...


7 ප්‍රතිචාර:

හා පැටික්කි (MS) said...

:'( :'( :'( :'(
මට එන්නම බැරි උනා..........

නිශාචරයා Nishacharaya said...

@ හා පැටික්කි,
මේකට එන්න බැරි වුනාට කමක් නෑ ඉතින් ඔයාට ඊළඟ එකට එන්න පුළුවන්නේ... දැන් ඕවා ගැන නොහිතා පාඩම් කරන්න නංගා...

වැප් said...

දවසක නිවාඩු දාලා අයිත් මඩුව කියවන්න ඔනා ....... මග ඇරිච්චා‍ තියනවා .........

@හා පැටික්කි...
මං ඉඳලත් මට මග ඇරිලා .. .......... :W

හා පැටික්කි (MS) said...

ඊලඟ එක තියද්දි මං සිංඩියෙ ඉඳීද කවුද දන්නේ....... පාඩම්!!!! යැක්ක මේ දවස් වල මං අකමැතිම වචනේ..........

@ වැප්
ඔයා ලියන වචන වල ගොඩක් වෙලාවට ඉස්පිලි පාපිලිත් මඟ ඇරෙන එකේ අයියට ඕක මොකක්ද........
ෂිම්පල්නේ....... හිහ්...... :D :D

නිශාචරයා Nishacharaya said...

@ වැප්,
"ඔයා ලියන වචන වල ගොඩක් වෙලාවට ඉස්පිලි පාපිලිත් මඟ ඇරෙන එකේ අයියට ඕක මොකක්ද........"
ඕකම තමයි ඉතින් උඹට කියන්න තියෙන්නේ... :D :D

@ හා පැටික්කි,
මේ හා පැටික්කියේ ආයෙ පාඩම් කරලා එහෙම මට අහුවෙනවා නෙවෙයි... පාඩම් කරලා කාටද හරිගියේ.. ඕක අමතක කරලා කවියක් ලියාගෙන ඉන්න. මමනම් ආයෙ ඔයාට කියන් නෑ පාඩම් කරන්න කියලා..

Ansh Lucky Sri Jay said...

අපොයි, අපරාදේ මම නිකමටවත් මඩුව පැත්තේ නාවේ.
:(

නිශාචරයා Nishacharaya said...

@ Ansh,
මම කොච්චර කිව්වද ඉතින් එන්න කියලා...

Post a Comment

යන ගමන් පුංචියට හරි අඩි සළකුණක් තියලම යන්න... මේ ගමනේ කොහේදි හරි, කවදා හරි අපි ආයෙත් හමුවේවි. එදාට ආපහු හැරිලා බලද්දි ඒ පුංචි සළකුණ ලොකු මතක සටහනක් වෙලා තියෙන්නත් බැරි නෑ....