"The reason I wrote my books in the first place was to preserve the stories of my childhood for today's children, to help them to understand how much America had changed during my lifetime..." Laura Ingalls Wilder (1867 - 1957)

Thursday, May 20, 2010

කවි මඩුවක වග 08

රිසි සේ හැසිරෙන්න හෙවත් කවි මඩුවේ අවසන් මඩ

වැපෝ උඹට මේකට ස්තුති වේවා
පරණ මඩුවෙ ඉඳලා මට ඇති වූවා
හැකි ඉක්මනින් මම මේකට ගොඩ වූවා
අරගෙන මඩ වරෙව් මට මොනවද ඕවා...
ගීත් මොකද බුරනුයෙ බල්ලෙක් වාගේ
මටනම් එහෙත් මේ පැත්තත් එක වාගේ
බයිලාවලට උඹ හරි ආසා වාගේ
වාද බයිලා කියමුද හෙට දින වාගේ...
කව්ද යකෝ ලණු දැම්මේ අපෙ දිල්ට
දාගන්නටයි දත කන්නේ එය වැප්ට
ඒවා කොහෙද මම ඉන්නවා දැන ගන්ට
වැප් බය නොවී වර මම ඉන්නවා උඹට...
යම රජු මොනවටද උඹ අම්මනෙ කාළී
දිල් උඹ ඉන්නකල් තව මොකටද කෑලී
වැප්ටම හලන්නේ ඇයි උඹ පල් හෑලී
වාගෙයි මදය නැති උඹ ප්ලයිවුඩ් ලෑලී...
යක්කු ගැනම මොනවද මේ කියන කතා
අහගෙන ඉන්නෙ කොහොමද මම නැතුව කැතා
ගැහුවත් උඹට මඩ අනලා තදින් ඉතා
හිත රිද්දන්න නම් මගෙ නෑ කිසිම හිතා...
දිල් දිල් නගේ දැන්නම් මට දුකත් දැනේ
ඇයි උඹ එන්නේ පැටලෙන්නට වාගෙ ඇනේ
මා එක්කලා පැටලුනොතින් හොඳට දැනේ
ඒකයි කියන්නේ සාමෙන් හිඳිනු මැනේ...
ආවේ මමත් පෙන්නන්නට ටිකක් වැඩ
කෙල්ලන් මෙතන ඉන්නා කෝ නෑනෙ හැඩ
හතර වටේටම තිබුනත් කොතෙක් මඩ
මට කම් නැතේ මම නෙළුමක් වගෙයි හැඩ...
හිපෝ තලයි මඩ සුපුරුදු ලෙසින් වලේ
දිල් හා එකතු වී සහයෝගෙන්ම බොලේ
මේව දකින මට සිහි නෑ වගෙයි මොළේ
දෙන්නම එකට බැඳ යවමුද ගිලීමලේ...
අහිංසකව හිටි වැපාට මඩ ගහලා
දිල්ටයි හිපෝටයි හොඳහැටි තදවීලා
දෙන්නම් උඹලා දෙන්නට කිරලා මැනලා
කලිසම් ඇතත් නැතුවත් අපි නෑ වැටිලා...
දිල් හට හිතුන මුත් කරනට සුමියා කිස්
හිපෝ ඇවිත් තැබුවයි දෙන්නටම දෙස්
මේ වැඩ අස්සේ දිල්ගේ බත් එකත් රොස්
කන්නට වෙලා දැන් තම්බාගෙනම කොස්...
එලොවට ගියත් මම යළි මෙලොවට එන්නේ
ඒ ආ පසුත් නෑ උඹනම් හැර යන්නේ
මගේ බෙල්ල කඩනට උඹ සැරසෙන්නේ
ඒවට කලින් මම උඹ ගෙන පැන යන්නේ...
හිපෝ බයවෙලා ගැලවුනු කලිසමට
දැන් ඈ සොයයි කට්ටඬියෙක් තොවිලයට
ඔතරම් බයයි නම් උඹ නෑවිත් මෙහෙට
දැන්මම ගිහින් පැනපන් උඹෙ මඩ වලට...
වැපා නැතත් මම තනි වීලා නැත්තේ
සුමින්දයයි සසීන්ද්‍රයයි මගෙ පැත්තේ
පැනලා යන්න මා සමගින් දිල් ඇත්තේ
අනේ හිපෝ උඹමයි තනිවී ඇත්තේ...
හිපෝ මොකද දැන් හිඟමන් අයැදින්නේ
මදුරංගටත් මුකුළුව දාගෙන යන්නේ
වාද කරන්නට බැරුවද දඟලන්නේ
පැරදුම පිළිඅරන් යන්නද සැරසෙන්නේ...
පැන යන එකත් මා හා ජොලි කියාලා
දිල්මයි කිවුවෙ පෙර කවියෙන් ගොතාලා
පොඩ්ඩක් මූසිකය එහෙ මෙහෙ කොරාලා
බැලුවොත් පෙනෙයි මේ ඇත්තයි කියාලා...
වැපා මොටද අල්ලන්නට මට පන්දම්
ගොන් බානක් වුව කම් නෑ දෙනවානම්
ඉරිසියාව නම් හොඳ නෑ මේ අන්දම්
එන්නට කැමතිනම් ඔබටත් නෑ තහනම්...
අපොයි හිපෝ ඕවා නම් කැත වැඩය
ගැහුවොත් මඩක් මම නම් එය මූණටය
තව තව මඩ ගසා මොකටද වැප් නැතිය
ඉන්නා එකෙක්ටම ගහනා එක හොඳය...
වව්ලෙක් වුනත් මම උඩ එල්ලී ගත්ත
කවි ගොතනවා හෙලවී යන්නට පැත්ත
නූලක් අරන් අඹරා මඩ ගා ගත්ත
අමුනා පබලු එල්ලනවා උඩ අත්ත...
දිළිසෙනු බලන්නට නම් පබලුගෙ මාලා
ගන්නට වෙනවමයි මහ මුහුදේ ඔබලා
මෙතුවක් දවස් හොඳ හැටියට මඩ නාලා
මදිවීලාද තව තව කන්නේ ඉල්ලා...
මෙන්න පබලු දෙනවලු මඩ ගුලි කරලා
කුරුමිණියෙක් වගේ කන ගොම ගුලි හදලා
මට හරි දුකයි උඹ ගැන කඳුලුත් ගලලා
පිසදා ලන්න එන්නද ගමටම කියලා...
මඩනම් තිබුන මුත් අඩුවක් නැතුව තදින්
මම හිටියනේ නෙළුමක් වගෙ ඊට උඩින්
උඹ හිටියනම් ඒ මොහොතෙදි මගේ ළඟින්
සත්තයි අරන් යනවාමයි සැමට හොරෙන්...


මඩේ ඉපදිලා හැදිලා වැඩුනු නිසා
පබලුට ඕවා ලොකු නෑ මඩ පුරුදු නිසා
එනමුත් නගේ මේ මඩ හරි නපුරු නිසා
පරිස්සම් වෙලා හිටියොත් ඒක යසා...
පබලුගෙ හිතට හොඳටම රිදිලා හින්දා
මට පව් කියා හිතෙනවා අඬනා හින්දා
මගෙ කට කොහොමටත් වැඩි හොඳ නැති හින්දා
මට හරි දුකයි නංගියෙ උඹ පොඩි හින්දා...
පොඩියි කියා හිතලයි මම දුන්නෙ මිදී
ආවොත් ඔහොම දෙන්නම් ගැලවෙන්න රෙදී
කොතරම් ගැසුවමුත් මට රිදවන්න වැදී
මා අඬවන්න නම් ඔය හොඳටෝම මදී...


මේ post එකනම් ටිකක් දිග වැඩි වුනා, අන්තිම කොටස වෙනුවෙන් තව post එකක් දාන්න වෙනවා. සමාවෙන්න ඕනේ... ඒ වගේම මේවා සැර වැඩිද කියලත් හිතෙනවා දැන් කියවද්දි.. :( :(  දිල්හිපෝපබලු.. වරදක් කළත් සිතකින් නොවේ හොඳේ...







7 ප්‍රතිචාර:

හා පැටික්කි (MS) said...

මඩ ටිකේ ලස්සන......
කට්ටියට මතෘකා නැතුව මඩ අනන දුන්නනම් පැය 24ම අනන එකම කරයි වගේ....... ;) ;)

හා පැටික්කි (MS) said...

අනේ මං මහ පාන්දර දාපු කොමෙන්ටුව වාස්පවෙලා........

කිව්වේ "අම්මෝ මඩ ටිකේ ලස්සන......
කට්ටියට මතෘකා නොදී මඩ අනන්න දුන්න නම් පැය 24ම මඩ අනයි......" කියල.
හීනෙන් නෙමෙයි ඇත්තටම දැම්ම....... ඒක නෑ.....

නිශාචරයා Nishacharaya said...

@ හා පැටික්කි,
උදේ මොකක්ද ප්‍රශ්නයක් තිබුනා Blogger එකේ. ඒකයි comments පෙනුනේ නැත්තේ. ඒක නිසා මම post එක අයින් කළා.. ඔන්න දැන් නම් හරි වගේ... ස්තූතියි හා පැටික්කි...

වැප් said...

මාත් එකක් දැම්මා ඒකත් නැහැ .........
කිව්ව එක දැන් නම් මතකත් නැහැ .......
දැන් කරන්න දේකුත් නැහැ ...........
හිත හදාගන්න බලපන් ........ හිකිස්

නිශාචරයා Nishacharaya said...

@ වැප්,
පල පල බොරු නොකියා... :P හා පැටික්කි දාපු comment එක වාෂ්ප වෙලා කියලා හිතුවට, වාෂ්ප වෙලා නෑ... ඔය තියෙන්නේ ඒක. :D එහෙනම් උඹ දාපු එකත් තියෙන්න එපැයි.. හිකිස්

අනුරාධ said...

අපෝ.... වැපාද....ඌ ගැනනම් අයේ කියල වැඩක් නෑ.

සසීන්ද්‍ර වීරසිංහ said...

එළැනෙ.
මාත් උදේම දැම්ම කමෙන්ට් එකක් වැප් වාගේ..ඒකත් නෑ :D
[ෆ්‍රී එකේ මඩ නාන එක තමයි කවි මඩුවෙ ආතල්ම එක]

Post a Comment

යන ගමන් පුංචියට හරි අඩි සළකුණක් තියලම යන්න... මේ ගමනේ කොහේදි හරි, කවදා හරි අපි ආයෙත් හමුවේවි. එදාට ආපහු හැරිලා බලද්දි ඒ පුංචි සළකුණ ලොකු මතක සටහනක් වෙලා තියෙන්නත් බැරි නෑ....