"The reason I wrote my books in the first place was to preserve the stories of my childhood for today's children, to help them to understand how much America had changed during my lifetime..." Laura Ingalls Wilder (1867 - 1957)

Wednesday, May 19, 2010

කවි මඩුවක වග 07

FM නාලිකා / අලුත් සින්දු හෙවත් රිසි සේ හැසිරෙන්න

FM නාලිකා පිළිබඳ සංවාද
කරනට ආව මුත් නැහැ මගෙ කිසි භේද
පැරණි ගී වුවත් නවතම වුවත් අද
මමනම් අහනවා හොඳනම් නැහැ වාද...
ඇසෙනා විටදි FM ගිරවියගෙ නද
ඒ වෙත සිත නොයන කෙනෙකුන් ඉන්නවද
සමහර ගීත ඇසුනත් සිත් කරන වද
මහරෑ සවන් ගත වෙයි හොඳ ගීත නද...
ඒකට පිළිතුරක් ඔබ හට කියන්නට
ආවත් සිතට බය ඔබ ඔරවයිද මට
එනමුත් කියමි මම අරගෙන හිතට ගට
නෑ කිසි කතා ගී පමණයි මහ රෑට...
සැමටම කියන්නේ FM ගැන වාද
කරනට තරම් නෑ මට කිසි මතවාද
මොන මොන තරම් FM රට පුරවාද
කොහොමද කියන්නේ මම පිට රට නේද...
මොනවද කොල්ළනේ දැන් මේ තැන වෙන්නේ
පෙනෙනා ලෙසට වාදය හෙඩිමෙන් පිටනේ
මේ හෙඩිමටත් ලියනට කිසිවක් නැහැනේ
සැමටම කරුණු ඇති හෙඩිමක් වෙත යන්නේ...
මඩනම් මඩ දෙන්නම් මම දාලා වැඩ කිඩ
කට්ටිය පොඩ්ඩක් එහෙ මෙහෙ වී දෙනවද ඉඩ
කට දැම්මොත් වෙඩි තියනවා තියලා ගල උඩ
ගහගමු අපි මඩ හොඳ හැටි මොනවද මේ පඩ...
මොකද නංගිලා මල්ලිලා නොකර කතා
මමනම් ඉන්නවා වාදෙට ලැදිව ඉතා
එහෙනම් ගහමු මඩ සැම දෙවි පිහිට පතා
වැඩිපුර තියෙන මඩ දෙන්නම් යන්න ඔතා...
මොනවද වැප් කියන්නේ කවි නොව බයිලා
මොකටද ආවෙ උඹ මේ තරමට බීලා
කියපන් ආයෙ යනවිට මා අමතාලා
යන්නට ගිහින් එන්නට හොඳහැටි ගසලා...
කරලා ඇත්තෙ උඹනම් යුතු දේය කළ
වැපා මොකද දඟලන්නේ පැනලා මළ
උදව් කරපු අයටත් මේ වගේ කළ
වැප් වගෙ එවුන් යටකල යුතු දමා වළ...
වමනය කරන්නට නම් මොකටද බිව්වේ
බිව්වා නොවෙයි වමනය මම අස් කෙරුවේ
ඒ මොන දෙයක්වත් මූ නම් නැහැ දුටුවේ
ලැගලා හිටියේ මම යනවිට ගව මඩුවේ...
බලපන් වැපෝ කවි මඩුවේ බර වැඩිදේ
ලෝඩ් වෙන්න කොතරම් වේලා යයිදෝ
හොයලා බලාපන් ඉක්මන් කර ආඳෝ
මඩුවම කඩා වැටුනොත් හරි දුක නේදෝ...
මොනවද සසීන්ද්‍රයො උඹ මේ කියවන්නේ
වැප් මොන පොඩිද මට වැඩියෙන් වැඩිමල්නේ
බොන්නට තිබුනනම් ඇයි මේකාට දෙන්නේ
මම බොනවානෙ මූ බොරුවට දඟලන්නේ...
බයිලා ගහන්නේ ඇයි කවි මඩු අස්සේ
ගීත් උඹට නැතුවද කිසි විස්වාසේ
පීටර් මොකද නයි දාගෙන රෙදි අස්සේ
වාද බයිලා කියමුද මඩුවෙන් පස්සේ...

6 ප්‍රතිචාර:

හා පැටික්කි (MS) said...

දැන්නම් මහන්සියි මගේ අයියේ පස්සෙ කියවන්නම්........

නිශාචරයා Nishacharaya said...

@ හා පැටික්කි,
පස්සේ කියවලා කියන්නකෝ මොනාද හිතෙන්නේ කියලා. අන්තිම කොටස මග එනවා.. ඒකෙනම් ඉතින් තියෙන්නේ මඩ විතරමයි.. ගන්න දෙයක් නෑ... :D

Ansh Lucky Sri Jay said...

නිශාචරයා මෙච්චර කවි කියන්න දක්ස වග මම දැනන් උන්නේ නැහැනේ.
:D

හා පැටික්කි (MS) said...

මේකෙත් අන්තිම ටික "මාතෘකාවෙන් මඩ වලට" වගේ..........

කවි ටික නම් නීමයි..........

වැප් said...

පට්ට ........... මං ලියපු කවි ටිකත් දැම්මා නම් එලම තමයි :D
නැත්නම් මේකේ හැටියට මං තමයි මඩ කලා තියෙන්‍නේ ...... හප්පා..........

නිශාචරයා Nishacharaya said...

@ Ansh,
ඇත්තටම කවි ටික කියෙව්වද?? මට පේන්නෙ කියවලා නෑ වගේ... හික් හික්... :D

@ හා පැටික්කි,
මට FM ගැන කියන්න දෙයක් නැති නිසා මම ඇහුවා topic එක වෙනස් කරමුද කියලා. එතකොට කට්ටියම කිව්වනේ topic එක අමතක කරලා මඩ ගහගමු කියලා අන්තිම දවස නිසා.. ඉබ්බා දියේ දාන්නද අහද්දි 'ඇන්නෑවේ' කිව්වලු.. :D :D

@ වැප්,
අන්තිම ටිකත් බලපන්.. උඹ හිටියෙ නැති වෙලේ උඹේ මඩ හෝදන්න ගිහින් තව පොඩ්ඩෙන් මම නානවා රජ නෑමක්... හික් හික්... කෙල්ලො තුන් දෙනෙක් වට කරන් නෙළුවනේ මට, යන්තම් ඉතින් වැඩ දන්න නිසා බේරුනා... :D :D :D

තැන්කූ කිව්වා ඔක්කොටම....

Post a Comment

යන ගමන් පුංචියට හරි අඩි සළකුණක් තියලම යන්න... මේ ගමනේ කොහේදි හරි, කවදා හරි අපි ආයෙත් හමුවේවි. එදාට ආපහු හැරිලා බලද්දි ඒ පුංචි සළකුණ ලොකු මතක සටහනක් වෙලා තියෙන්නත් බැරි නෑ....