"The reason I wrote my books in the first place was to preserve the stories of my childhood for today's children, to help them to understand how much America had changed during my lifetime..." Laura Ingalls Wilder (1867 - 1957)

Sunday, April 18, 2010

රෝමය ගිණි ගනී...

   ගිය සතියෙ දවසක් රෑ වැඩ කර කර ඉන්න අතරෙ සෑහෙන කාලෙකට ඉස්සර කියවපු පරණ කතාවක් මතක් උනා. මට ඉතින් උප්පත්තියෙන්ම ආපු ලෙඩක් තියෙනවනේ.. ඔය ලෙඩේ ප්‍රධානම රෝග ලක්ෂණයක් තමයි අතට අහුවෙන ඕනෙම ජරාවක් කියවන්නෙ නැතුව විසිකරන්න හිතෙන්නේ නැති එක.

   මට මතක විදියට මේ කතාව තිබුනෙ ගොඩක් ඉස්සර දවසක් ගෙදරට මොනවද ඔතාගෙන ආපු පත්තර කෑල්ලක. කතාවයි ඒත් එක්ක තිබුන කාටූන් එකයි කොහොම උනත් කවි දෙක නම් එකපාරින්ම මගේ මතක ගබඩාවට වැටුනා.

   මතක තියෙන කෑලි ටික එකතු කරගෙන ඒ කතාව ආපහු අලුත්වැඩියා කරගත්තොත්...... මෙන්න මෙහෙමයි වුනා කියන්නේ......

   කාලෙන් කාලෙට එන එක එක රැළි තියෙනවනේ.. ඒ වගේ ඉස්සර එක කාලයක් පාසල් ශිෂ්‍යාවන් අතර ජනප්‍රිය වෙලා තිබුනලු කුඩා ප්‍රමාණයේ Suit case වර්ගයක් school bag එක විදියට.  ඉතින් ඒ කාලෙ කොල්ලො මේ වගේ suit case අරන් යන් කෙල්ලන්ට විහිළු කලේ "තෙල් වෙළෙන්ඳියෝ" කියලලු. මොකද තෙල් බෙහෙත් විකුණන අයත් පාවිච්චි කරන්නේ ඔය වගේ bag නේ.

   "ආ නංගී, තෙල් වෙළඳාමේ යනවා වගේ...." වගේ කතා නිතරම ඇහෙන්න ඇති නේද? :)

   ඉතින් ඔන්න ඔය කාලේ එක්තරා කවියෙකුට(මතක විදියට ඔහු ජාතික පුවත්පතක සේවය කළ කෙනෙක්) ඔහුගේ හිතවත් කාන්තාවක් දුක් ගැනවිල්ලක් ඉදිරිපත් කලාලු ඒ ඇත්තිගේ දෝණියන්දෑ පිළිබඳව. මේ ගෑණු දරුවට තිබිලා තියෙන ප්‍රශ්නේ තමයි පාසල් යන එන අතර පිරිමි ළමයෙක්(පාසල් ශිෂ්‍යයෙක්) ආදර හැඟීම් ප්‍රකාශ කරමින් පස්සෙන් එන එක. මොන දේ කිව්වත් කොල්ලා try එක අත අරින්නෙම නෑලු. ඉතින් මේ කරදරේ නිසා ඇය පාසල් ගමනටත් අදිමදි කරන බව තමයි අම්මා කියලා තියෙන්නේ.

   ඔය කතාව අහගෙන හිටපු කවිකාර පත්තර මහත්තයා දීලා තියෙන උපදේශේ තමයි ඔය කරදර කරන්න එන අයට එරෙහිව කුඩේ පාවිච්චි කරන්න කියන එක. ඉතින් ඒ අම්මත් බොහොම සතුටින් උපදේශේ පිළිගත්තලු.

   ඊට සතියකට විතර පස්සේ ඔහුට ආරංචි උනාලු අදාල ප්‍රේමවන්ත ශිෂ්‍යයා තමන්ගේ සිහින කුමරියගෙන් හොඳ කුඩ පහරක් එහෙම කාලා සත්‍යාවබෝධය ලබාගත් බව. පත්තර කාරයන්ටත් නිකන් ඉන්න බැරි නිසා පහුවෙනිදා පත්තරේ ඔය සිද්ධියට අදාලව ලස්සන කවි දෙකක් එක්ක කාටූන් එකක් එහෙම පල කරන්න අපේ කතානායකයා අමතක කරලා නෑ.

   අවාසනාවකට වගේ ඒ කාටූන් එක අලුත්වැඩියා කරලා අඳින්න තරම් මගේ සිත්තර හැකියාවනම් දියුණු නෑ....

   ඔය කාටූන් එක ඔහු ඇඳලා තිබුනේ කොටස් දෙකකට. මුල් කොටසේ තිබුනේ suit case school bag එකත් අරන් පාසල් යන සිසුවියට පෙම්වත් ශිෂ්‍යයා තම හැඟීම ප්‍රකාශ කරන ආකාරය...

"දහසක් බුදුන් බුදු වුන හිමිදිරි යාමේ
ඈ යන්නීය පීනස් තෙල් වෙළඳාමේ
ඒ යන ගමන් මට නොපුදාවිද ප්‍රේමේ
එක දවසකින් ගොඩ නැගුවේ නැත රෝමේ..."

   දෙවැනි රූප රාමුවෙන් දැක්වුනේ ඔහු අනපේක්ෂිත කුඩ ප්‍රහාරයෙන් අන්දුන් කුන්දුන් වී පලා යන ආකාරය...

"පෙම් දම් පවත්තන හැටියට නොපවත්තා
කළබල වුනේ ඇයි ඔය හැටි ඔය ඇත්තා
ගිණි දැල් බුර බුරා පැන නැග නොනවත්තා
ගොඩනැගුමටත් පෙර රෝමය ගිණි ගත්තා..."

   මේ කතාවෙ කතෘ අඥාත නම් නෑ ඒත් මට මේ කාව්‍ය රචකයාගේ නම මතක නෑ. දන්න කෙනෙක් ඉන්නවානම් සියල්ලන්ගේම දැන ගැනීම සඳහා සටහන් කරලා යන්න කියලා ඉල්ලීමක් කරනවා.

20 ප්‍රතිචාර:

වැප් said...

හි හි ............ නියම කතාව..

L4nk4n said...

Nice story. When I saw those poems I juste remembered this. But I do not remember the whole poem or the reply...

But it starts with something like this ....

"Atta pitiya wewa mudune burutha nemee"

නිශාචරයා Nishacharaya said...

ස්තූතියි වැපෝ...

නිශාචරයා Nishacharaya said...

@ L4nk4n,
Thanx for ur comment. Yep I knw those 2 poems too.. :)

පිස්සා පලාමල්ල said...

හිහි... හදන්නත් කලින් ගිනි අරන්නේ

දුකා said...

ෂාහ් නියාමයි . . .

ඔක්කෝටම වැඩිය නියම උඹේ මතකය . . . කොහොමද හරියටම මතක හිටියේ බං . . .

නියම පෝස්ට් එක . . පට්ට

දිල් said...

Oh !

නියම කතාව...

Hipo said...

මරු කථාව. ඔය කියනකොට තමා මතක් වුනේ. හිපෝටත් තිබ්බා ඔය කියනව වගේ suit case එකක්. හැබයි ඉතින් අපරාදෙ කියන්න බෑ ඔයවගේ අකරතැබ්බ නම් වෙලා නෑ...

නිශාචරයා Nishacharaya said...

@ පිස්සා පළාමල්ල,
හැදුවට පස්සේ ගිණි ගන්නවට වඩා හොඳයි වගේ හදන්න කලින්ම ගිණි ගන්න එක... :) ස්තූතියි පිස්සා...

@ දුකා,
ස්තූතියි දුකා අයියා මේ පැත්තෙ ඇවිත් යන්න ආවට... මගේ මතකයනම් සාමාන්‍යයෙන් හොඳයි කියලා මටත් හිතෙනවා, මොකද මට ගොඩක් දේවල් එකපාරින්ම මතක හිටින ගතියක් තියෙනවා. පාඩම් වැඩ වලදි තමයි ඕක පොඩ්ඩක් එහා මෙහා වෙන්නේ... හි හී....

@ දිල්,
ස්තූතියි දිල්...

@ Hipo,
ඒ කියන්නේ හිපෝ නැන්දත් තෙල් බෙහෙත් වෙළෙන්දියක්... හි හි හී... මට මතක තියෙන කාලෙ නම් suit case වල ජනප්‍රියත්වයක් තිබුනේ නෑ. සාදරයෙන් පිළිගන්නවා හිපෝ නැන්දවත්....

wath said...

මොනව නැතත් කවි දෙක නම් හරිම ​අගෙයි. ඊටත් වඩා අගෙයි ඒ කවි 2කම ඔයාට මතක තිබ්බ එක....

sameerausa said...

ලස්සන කතාව... ඔය ගෑනු ළමයි ඇයි ඔච්චර වස කියන එක මට පොඩි කාලෙ ඉඳල තිබ්බ ප්‍රශ්නයක්... :) මගේ වාසනාවට ගුටිකන්න උනේ නම් නැහැ... වැඩෙත් හරි ගියා..

නිශාචරයා Nishacharaya said...

@ wath,
ස්තූතියි මේ පැත්තෙ ඇවිත් සොඳුරු සිතින් දිරිගැන්වීමක් ලබා දුන්නාට...

@ sameerausa,
ස්තූතියි සමීර... මටනම් හිතෙන්නේ ඕක ගෑනු ළමයින්ගේ නපුරුකමම නෙමෙයි පිරිමි ළමයින්ගේ නොදැනුවත්කම. කලබල නොවී හරියට හොයලා බලලා දැනගෙන කතා බහ කරනවනම් ඔහොම ප්‍රශ්න ඇතිවෙන්න විදියක් නෑ.
සුභ පැතුම් වැඩේ හරි ගියාට.... :)

said...

අපි ඉස්සර ඉස්කොලේ යනකොට ඔය වගේ සූට් කේස් අරන් ගියා එක පිරිමි ලමයෙක්, මටත් පුදුම ඕන කමක් තිබ්බා එකක් අරගන්න මොකෝ බස් එක එනකම් ඒකේ උඩ ඉඳගෙන ඉන්න පුළුවන් නිසා.

ලිෂාන් කියන්නේ මෙන්න මේ කවිය. මේක ගැන නියම එකක් පහුගිය කාලේ නම් හුව මාරු උනා. බණ එකක්.

කවිය:
අට්ටා පිටිය ගග දෙපසින් බුරුත නැමී
පැංචාවියන් දිය කෙලිනා සැටි දුටිමී
පිපුනු මලක් නම් තලලා මිස නොයමී
කැකුලු මල නිසා නොතලා යන්ට යමී

පිලිතුරු කවිය:
වනන්තරේ වැහි නැත ගස් මුල් වලට
නිරන්තරේ දුකමයි දැනුනේ අපට
පිපුනු මලක් නම් නොම දෙමි තලන්නට
කැකුලු මල නිසා තලපන් පිපෙන්නට


මේ කවි දෙක ගැන තිසා අබේසේකරගේ අයාලේ ගිය සිතක සටහන් පොතෙත් තිබ්බා

මෙතන තවත් කවි තිබ්බා

නිශාචරයා Nishacharaya said...

@ ම,
ඒ ලිෂාන් නෙමෙයි බන් 'ලන්කන්' කියලා කෙනෙක්. ඔය බණ සෙට් එකම මගේ ලඟ තිබුනා.. (තාමත් ඇති කොහේ හරි අස්සක) ඒ ටිකත් ඉතින් දෙයියනේ කියලා හොඳටම කට පාඩම්... :D
ඒකෙ නම් දෙවෙනි කවිය තිබුනේ මෙහෙමයි...

"වනන්තරේ වැහි නැත ගස් මුල් වලට
නිරන්තරෙන් හිමි වූයෙ දුකමය අපට
පිපුනු මලක් නම් නොදෙමිය තලන්නට
කැකුළු මල නිසා තලපන් පිපෙන්නට..."

"අයාලේ ගිය සිතක සටහන්" කියලා ලිපි පෙලක් ඉස්සර "ලක්බිම" පත්තරෙන් කියෙව්වා මතකයි. පොතනම් කියවලා නෑ. ස්තූතියි ම...

said...

හුටා මන් දැක්කේ ලිෂාන් වගේ ඌත් ඔය වගේ අකුරු ටිකක් දාගෙන ඉන්නවනේ :-D
මන් හිතන්නේ ඒ පත්තරේ ගිය ලිපි ටික එකතු කරලා තම පොත ගහලා තියෙන්නේ. මන් පත්තරේ නම් දැක්කේ නැහැ.
බණ වල හොඳටම මතක හිටියේ අර
අපිට ආආආආආතල්ල්ල්ල්ල්..... නෑ කෑල්ල තමා :-D

SOLO said...

මම අදමයි මේ පැත්තෙ ආවෙ.
හික් හික්! නියම කතාව :D

නිශාචරයා Nishacharaya said...

ස්තූතියි අඤ්ඤයා මේ පැත්තට ගොඩ වුනාට...

දුමී said...

තරහ වෙන්න එපා මෙහෙම කමෙන්ට් එකක් දැම්මට.

අපි හැමෝම ගස්ලබු කොල ඩෙංගු ප්‍රතිකාරය ගැන අපේ බ්ලොග් එකේ පෝස්ට් එකක් දාමුද ? මේක පුළුවන්තරම් ප්‍රසිද්ද කරමු. ජීවිත කීයක් මේකෙන් බේර ගන්න පුළුවන් වෙයිද ? ඔක්කොම බ්ලොග් යාළුවන්ටත් කියමුද මෙහෙම කරන්න කියලා ?

හෙළයා said...

අදනේ බන් මේ බ්ලොග් එක දැක්කේ.
නියමයි නේ

නිශාචරයා Nishacharaya said...

@ දුමී,
මොකට තරහ වෙන්නද බන්, බ්ලොග් එකේ නොදැම්මට මමත් ඔය ගැන ප්‍රචාරයක් දුන්නා මීට වඩා පිරිසකගේ ඇහැ ගැටෙන තැනක.

@ හෙළයා,
මේ බ්ලොග් එක තව්සන්ඩ් ටෝක්ස් දීලා පටන් ගත්තට එතනම ඇන හිටියනේ බන් :) ස්තුති වේවා ගොඩවැදුනට.

Post a Comment

යන ගමන් පුංචියට හරි අඩි සළකුණක් තියලම යන්න... මේ ගමනේ කොහේදි හරි, කවදා හරි අපි ආයෙත් හමුවේවි. එදාට ආපහු හැරිලා බලද්දි ඒ පුංචි සළකුණ ලොකු මතක සටහනක් වෙලා තියෙන්නත් බැරි නෑ....