"The reason I wrote my books in the first place was to preserve the stories of my childhood for today's children, to help them to understand how much America had changed during my lifetime..." Laura Ingalls Wilder (1867 - 1957)

Monday, January 11, 2010

කාලෙකට ඉස්සර...

              මගේ ජීවිතේ ගෙවුන ලස්සනම කාලේ තමයි පාසල් ජීවිතේ අන්තිම අවුරුදු 2, කොටින්ම කිව්වොත් A/L කාලේ. ඒ කාලේ කරපු කියපු දේවල් ගැන නෙමෙයි මම දැන් කතා කරන්න යන්නේ මොකද ඒවා මෙහෙම පොඩි ලිපියකින් ලියන්න බැරි නිසා. මොකක් හරි හේතුවක් නිසා ඒ කාලෙ මගේ අතින් එක එක දේවල් ලියවුනා. මම එහෙම කියන්නෙ ගොඩක් දේවල් හිතලා කල්පනා කරලා ලියපු දේවල් නෙමෙයි නිසා.සමහරවිට හිතේ කිසිම ප්‍රශ්නයක් නැතුව සැහැල්ලුවෙන් සතුටින් හිටපු නිසා වෙන්න ඇති. දැන් ඉතින් තියෙන ප්‍රශ්නත් එක්ක ඔය කිසිම දෙයක් ඔළුවට එන්නෙ නෑනෙ.
                මම මේ දැන් Upload කරන නිර්මාණ වැඩි හරියක්ම ඒ කාලේ ලියවුන දේවල්. එත් ඉතින් මතක තියෙන විදියට තමයි මේ ටිකත් ලියාගත්තේ (ලියුම් කෑල්ල ඇරෙන්න). මොකද ඕවා ලියලා ඇත්තෙ තැන් තැන් වල, (Tutes වල Hand bills වල පොත්වල අන්තිම පිටුවේ...)  ලංකාවෙ හිටියනම් හොයාගන්න තිබුනා ගොඩක් ඒවා. ඒත් ඉතින් දැන් කරන්න දෙයක් නැති නිසා මතක තියෙන දෙක තුනක් ලියලා දැම්මා. අම්මට කිව්වොත් නම් හොයලා එවයි, ඒ උනාට ඕවා හොයන්න ගිහින් තව මොන මොන ඒවා අම්මට මාට්ටු වේයිද කියලා Sure නැති නිසා ඒ අදහස අත ඇරලා දැම්මා. ලංකාවට ගිය දවසක ඒවා හොයලා බලන්න ඕනෙ. එතකන් ඉතින් ඉඩක් තියෙන වෙලාවක මේ පැත්තටත් ඇවිත් තියෙන දෙයක් කියවලා බලලා Comment එකක් එහෙමත් දාලම යන්න කියලා නවක Blogger කෙනෙක් විදියට හැමෝටම කරන විවාත ආරාධනාවක් මේක...... ඒ එක්කම කියන්න ඕනෙ මම "නින්ද නේන රාත්‍රියේ" දි කිව්වා අහම්බෙන් දැකපු සිංහල Blog එකක් ගැන, ඒක තමයි නොදරුවාගෙ "නිකමට වගේ" Blog එක. ඉතින් ඔබට බොහොමත්ම ස්තුතියි නොදරුවා..

9 ප්‍රතිචාර:

said...

මම නම් ඉස්කොලේ කාල වලින් වැඩියෙන්ම කැමති 9,10,11 කාලෙට උසස්පෙළ කරන කාලේ එච්චර ගතියක් තිබ්බේ නැහැ.

බ්ලොග් ලියවිල්ලට මගෙන් සුභ පැතුම්
චියර්ස්!!!!!!!

නිශාචරයා Nishacharaya said...

සුබ පැතුමට බොහොම ස්තුතියි 'ම'. කලින් කියන්න අමතක වීම ගැන සමාව ඉල්ලන අතරේ 'මගේ මරණය' ට තවත් ස්තුතියක් පිරිනමන්න කැමතියි මට සිංහල Blog පිළිබඳව ලබා දුන් ඔත්තුව වෙනුවෙන්. මොන අණ්ඩර දෙමළයක්ද මේ? :) මේකයි මම දැකපු මුල්ම සිංහල Blog එක 'නිකමට වගේ' උනාට මම ඒ Blog එකට ගියේ මූනු පොතේ උඹ දාපු සබැඳියක් හරහා. ඉතින් ඒ ස්තූතියම උඹටත් අයිතියි සහෝ. චියර්ස්....!!!

රවා said...

අපි ඔක්කොම එකක බොට්ටුවෙ ඉන්නැ.. රටවල් දෙකක උනනත්... බලන් යද්දි ලොකය පුංචි වෙලා නිශාචරයෙක් තමයි මමත් අද පාන්දරින් ඇහැරුනා.....කො ලියන්නෙ නැද්ද මුකුත්... නැත්නම් වෙලාවක් නැත්ද..?

නිශාචරයා Nishacharaya said...

@ රවා,
ඇත්තටම මේ දවස් වල ලියන්න තරම් හිතට නිදහසක් නෑ, ජීවිතේ කියන්නෙ ප්‍රශ්න පත්තරයක්ම තමයි. එන සතියෙ නම් කොහොම හරි Post එකක් දානවා.. බොහොම තුති මේ ප්‍රාන්තෙ කරක් ගහන්න ආවට. තව දෙයක්, උඹේ මේ Comment එක එද්දි මම හිටියේ "අතීතයෙන් ගලා බසින ගඟක" සුන්දරත්වය, කටුක බව අත්විඳිමින්, අහඹු සිදුවීම් හරිම සුන්දරයි :)

Ansh Lucky Sri Jay said...

A/L කාලේ හරිම සුන්දරයි. මගේ ජීවිතේ මොන තරම් කරදර, අමාරුකම් තිබ්බ කාලයක් උනත්, මම වැඩි පුරම හිනා වෙලා සන්තෝසෙන් උන්නු කාලේ.

නිශාචරයා Nishacharaya said...

@ Ansh,
ඒක ඇත්ත, මොන දේ උනත් හැමදාම හිනාවෙලා හිටපු සුන්දර කාලයක්...

හා පැටික්කි (MS) said...

A/L කාලෙටත් වඩා මටත් 9,10,11 සුන්දරයි අයියා...... මොකද ඒකාලේ හිටපු යාළුවෝ උ පෙ කරන්න ආවම හොඳටම වෙනස් උනා. ඒනිසා.

කොහොම හරි ඉතින් මට පෝස්ට් ගොඩක් අතඇරිලා අයියගේ.....:D

නිශාචරයා Nishacharaya said...

ඒ වෙනස සාමාන්‍ය දෙයක් නංගා, ඔයාට නොතේරුනාට A/L class එකට ගියාම ඔයත් ගොඩක් වෙනස් වෙන්න ඇති.

මේවා ඔක්කොම අනිත් බ්ලොග් එකේ තිබුනේ(මතකද කිටියා :)) එකක් ලියාගන්නවත් වෙලාවක් නැතුව දෙකක් මක්කටෙයි කියලා මම ඒක වහලා දැම්මා :D

හා පැටික්කි (MS) said...

අනේ අයියා....... ඒක වැහැව්වද?????
මට ඒත් හුරු පුරුදු උන නිසා නිකමට හිතුනා......... අනේ ඒක අපරාදේ....... :( :( :( :(

Post a Comment

යන ගමන් පුංචියට හරි අඩි සළකුණක් තියලම යන්න... මේ ගමනේ කොහේදි හරි, කවදා හරි අපි ආයෙත් හමුවේවි. එදාට ආපහු හැරිලා බලද්දි ඒ පුංචි සළකුණ ලොකු මතක සටහනක් වෙලා තියෙන්නත් බැරි නෑ....