"The reason I wrote my books in the first place was to preserve the stories of my childhood for today's children, to help them to understand how much America had changed during my lifetime..." Laura Ingalls Wilder (1867 - 1957)

Friday, January 8, 2010

නින්ද නේන රාත්‍රියේ...

කොහොම පටන් ගන්නද කියලා හිතාගන්න බැරි උනත් කොහොමහරි පටන් ගන්න ඕනෙ නිසා මගේ විස්තරේ කියලම පටන් ගන්නම්.
මතක ඇති කාලෙකින් මම නම් රෑට නිදාගෙන නෑ.. ඇති වැඩකටම නෙමේ කිසිම හේතුවක් නැතුවත්, ඇත්තම කිව්වොත් මට රෑට නින්ද යන්නේ නෑ.. මට නිශාචරයා කියලා card 1 ක් දැම්මේ ඇත්තටම මගේ අම්මා, ඒ ඉතින් සෑහෙන කාලෙකට කලින්. ඒ කාලෙ නිදි මරන්න එක එක හේතු තිබුනා. පොත් කියවන පිස්සුව මට අකුරු දැනගත්ත දවසේ ඉඳලම තිබුන එකක් ඒකට පස්සෙ කාලෙක එකතු උනා Computer games, Movies, Parties... ඒ මදිවට දැන් මොන ලෝකෙ ඉන්නවද කියලවත් දන්නෙ නැති කෙල්ලො ගැන හිත හිත නිදි මරපු කාලෙකුත් තිබුනා. මොනවා උනත් A/L කාලෙ නම් සනීපෙට නිදාගත්තා මොකද පාඩම් කරන්න ඔනෙ කියලා හිතපු ගමන් හෙණ ගැහුවා වගේ නින්ද යනවනේ.. :-) 
ලංකාවෙ ගතකරපු ඒ කාලේ එක අතකින් සුන්දරයි... ඒ ජීවිතේ කරගහගෙන කැන්ගරු රටට ගොඩබැහැලා අසීමිත නිදහසක් එක්ක අසීමිත දුක් කරදර ජීවිතේ වටේ පටලවාගත්ත අපිට ජීවිතේ විඳින්න වෙලාවක් නෑ.. රෑ තිස්සෙ නිදිමරලා පුරුදු නිසා රෑට වැඩ කරන එක නම් අවුලක්ම නෑ.. අවුලකට තියෙන්නේ වැඩ නෑ කියලා ආසාවකටවත් රෑකට නිදාගන්න බැරි එක. 
මේ නිදහස වැඩිකමටම බේබදුකමත් අම්බානෙකට වැඩියි ඇයි ඉතින් රෑට ගෙදර යන්න ඔනෙ කියලවත් යද්දි කෙලින් යන්න ඔනෙ කියලවත් දෙයක් තියෙන එකක්යැ... මේ ජීවිතේ මෙහෙම ගිහින් කොහේ නතරවෙයිද කියලා නම් මම දන්නේ නෑ හැබැයි මගේ ජාතකේ කියවන එකනම් දැන් ඇති වෙලා කියලා මම හොඳටම දන්නවා... :-)
කොහොම උනත් මං වගේ නින්ද යන්නෙ නැති තවත් කවුරු කවුරු හරි ඇති කියලා හිතුන නිසයි මේ වගේ BLOG 1ක් පටන් ගන්න හිතුනේ. නින්ද යන්නෙත් නැති එකේ කරන්න දේකුත් තියෙන්න එපැයි..
BLOG 1ක් පටන් ගන්න කාලෙක ඉඳන් හිතාගෙන හිටියත් ඒක කරන්න ලබුනෙම නෑ. අන්තිමට ඒක කරන්නම ඕනෙ කියලා Kick 1ක් ආවේ අහම්බෙන් වගේ දැකපු සිංහල BLOG 1ක් නිසා.
කොහොම කොහොම හරි යන්තම් ඔන්න වැඩේ පටන් ගත්තා. ලියන්න පටන් ගත්තම ඒකත් නවතින පාටක් නෑ වගේ. දැන් නම් මේක ඇදෙනවා වැඩියි කියලා මටම තේරෙන නිසා මම මෙතනින් අදට නවතින්නම්. මට හිතෙනවා මේ යන විදියට මමත් මොනවා මොනවා හරි දිගටම ලියයි කියලා. ඉතින් එහෙම උනොත් අපි අයෙත් මේ සිහින අඩවියෙදිම මුණ ගැහෙයි.. එතකන් හැමොටම සැපවත් නින්දක් පතන මම.... නිශාචරයා...

6 ප්‍රතිචාර:

ශාකුන්තල said...

දිගටම ලියන්න -- ආසාවෙන් කියවන තවත් නිශාචරයෙක් මම.

මම A/L කාලේ රෑට පාඩම් කරන්න නැගිටලා හිටපු පුරුද්දට මම තාමත් නිශාචරයෙක්. ඒ කාලේ තාත්තා මට ඔයිට හොඳ කාඩ් එකක් දැම්මා. ඒක මෙතන කියන්නෙ නෑ. :D

නිශාචරයා Nishacharaya said...

බොහොමත්ම ස්තූතියි සහෝදරයා, දිගටම ලියන්න නම් තමයි හිතාගෙන ඉන්නේ ඒ උනාට life එක පට්ට busy නේ. වෙලාවක් හොයාගන්න තමයි අමාරු, ඒත් කොහොම හරි ලියනවා. card එක කිව්වත් කමක් නෑ මෙතන ඕනම දෙයක් කියන්න නිදහස තියෙනවා (කුණු හරුප ඇරෙන්න):)

Ansh Lucky Sri Jay said...

දිගටම ලියන්න..
සුභ පැතුම්..!

නිශාචරයා Nishacharaya said...

@ Ansh,
ස්තූතියි සහෝදරී...

Supun Sudaraka said...

සහෝදරයගෙ බ්ලොග් අඩවිය කියවන්නෙ දැනුයි.
ඉතින්,
දිගටම ලියන්න. :)

නිශාචරයා Nishacharaya said...

අනිවා සහෝ... ස්තූතියි...

Post a Comment

යන ගමන් පුංචියට හරි අඩි සළකුණක් තියලම යන්න... මේ ගමනේ කොහේදි හරි, කවදා හරි අපි ආයෙත් හමුවේවි. එදාට ආපහු හැරිලා බලද්දි ඒ පුංචි සළකුණ ලොකු මතක සටහනක් වෙලා තියෙන්නත් බැරි නෑ....