"The reason I wrote my books in the first place was to preserve the stories of my childhood for today's children, to help them to understand how much America had changed during my lifetime..." Laura Ingalls Wilder (1867 - 1957)

Wednesday, April 14, 2010

ආ.. වඩා... ආ.. යු බොහෝ...... වේවා......

    කිරියෙන් පැණියෙන් ඉතිරීම කෙසේ වෙතත් හැමෝටම හිතේ සතුටින් සාමයෙන් ජීවත්වෙන්න පුළුවන් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා... කියලා ඉත සිතින් ප්‍රාර්ථනා කරන ගමන්ම, අලුත් අවුරුද්දේ හා හා පුරා කියලා අලුත් වැඩකට අත ගහන්නයි මේ සූදානම.

    උපන් දා ඉඳලා අද වෙනකන් ඉමක් නොපෙනෙන ජීවිත ගමන් මගේ, අපි ඇවිදපු දුර බොහොමයි. ඒ දුරෙන් වැඩි ප්‍රමාණයක් ගෙවලා තියෙන්නේ තැනත් නියමයක් නැතුව හරි හමන් පාරක් නැතුව වල්මත් වෙලා වගේ අයාලේ ඇවිදිමින්. පොඩ්ඩක් හිතන්න, අද මෙතන ඉඳන් ආපහු හැරිලා බැලුවොත්  අපි ආපු පාරක් අපිටවත් හොයාගන්න බෑ... නේද? අපේ අඩි සලකුණු කාලයත් එක්කම මැකිලා ගිහින්. කොටින්ම මගේ පැත්තෙන් බැලුවොත් මටනම් මගේ උපන් දිනේ ඇරෙන්න වෙන කිසිම වැදගත් දවසක් නිකමටවත් මතක නෑ. අපෙන් කීයෙන් කී දෙනෙකුට අවංකවම කියන්න පුළුවන් වෙයිද මටනම් එහෙම නෑ කියලා....

    ඉතින් අපිට බැරි වෙයිද මේ තත්වයෙන් මිදෙන්න? අපිටම බලලා මතක් කරගන්න විතරක් නෙමෙයි, අපේ කාලේ සිද්ධ වුන දේවල්, අපි අපේ ජීවිත ගෙවපු හැටි අපෙන් පස්සේ එන පරම්පරාවලටත් කියවලා බලලා යමක් ඉගෙනගන්න, මේ කාලේ ගැන දළ වශයෙන් හරි අදහසක් ගන්න පුළුවන් වෙන දෙයක් ඉතුරුකරලා යන්න අපිට බැරි වෙයිද?

    'ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර්' කියන ඇමරිකානු ලේඛිකාව 20 වන සියවසේ මුල් කාලයේදි ප්‍රකාශයට පත් කල 'ලිට්ල් හවුස්' කතා මලාව කියවපු කෙනෙක් ඉන්නවනම් මතක ඇති, තැනකදි ඇය කියනවා "මම ලිව්වේ මගේ ජීවිත කතාව, ඒත් අද මට හිතෙනවා මම මේ ලියලා තියෙන්නේ ඇමරිකාවේ ඉතිහාසය නේද කියලා". ඉතින් අද අපේ වර්තමානය හෙට ලෝක ඉතිහාසයට එකතු වෙද්දි අපෙනුත් දෙයක් ඒ ඉතිහාසයට එක් කරන්න සමහරවිට අපිටත් බැරිවෙන එකක් නෑ...

    දවසින් දවස ගෙවිලා යන ජීවිතේ අත්දැකීම්, මතක සටහන්, වැදගත් කියලා හිතෙන දවස් විතරක් නෙමෙයි කිසිම තේරුමක් නැතුව හිතට එන වල්පල්, අනං මනං ඔක්කොම සයිබර් අවකාශයේ සටහන් කරලා තියන්න, එහෙමත් නැත්තන් මගේ ජීවන ගමන් මගේ පිය සටහන් තවදුරටත් මැකිලා යන්න ඉඩ නොදී ඉදිරියටත් පවත්වාගෙන යන්න දරන පුංචි උත්සාහයක් මේ....

    එහෙනම් අලුත් අවුරුද්දේ අලුත් විදියට හිතන්න... අලුත් විදියට ලෝකය දකින්න... හැමෝටම ආ.. වඩා...  ආ.. යු බොහෝ...... වේවා......!!!!!

4 ප්‍රතිචාර:

දිල් said...

ඔන්න පියසටහන් දිගේ මාත් ආවා මේ පැත්තට..අපිවත් ආයුබෝවන් කියල පිළිගනීවි කියලා හිතනවා...

සඳහන් කරලා තියෙන අදහසනම් පංකාදුයි.....
ඔබටත් ආ.. යු බොහෝ...... වේවා......!!!!!

Unknown said...

@ දිල්,
එකසිය විස්සට දෙසිය විස්සක්ම ආයු බොහෝ වේවා කියලා සාදරයෙන් පිළිගන්නවා... :) බොහොමත්ම ස්තූතියි 'මතකය අහුලන අතරමග' මේ පැත්තටත් ගොඩවෙලා පිය සටහනක් තියලම ගියාට....

RNY said...

Hello nishacharaya,

I read your comments posted on shaakuntala site at:

http://blog.shaakunthala.com/2010/04/blog-post_18.html


"මම බෞද්ධ දර්ශනයට කැමැතියි. නමුත්, ගතානුගතික බෞද්ධ ඇදහීම මට අප්‍රිය වූ දෙයක්. දර්ශනයක් ලෙස පවත්වා ගත යුතු දර්ශනයක් ආගමක් බවට පත් වීමේ අවසාන ප්‍රතිපලය වන්නේ පිරිස වැඩි කර ගැනීමේත්, මුදල් ගැරීමේත් ව්‍යාපාර බවට එය පත් වී මුලින් තිබූ යහ දර්ශනය යටපත් වීමයි." ඇත්ත....

ඔය කියන තැනට මමත් ගිහින් තියෙනවා, ඒත් ගොඩක් ඉස්සර නිසා පැහැදිළි මතකයක් නම් නෑ.
එසේම වේවා...!!!

I am writing as an admirer of your short comment and also of shaakuntala's article, requesting you to look at 'Secular Sri Lanka' site at:

http://sites.google.com/site/minorityworldview/

Would you be kind enough to write a post in sinhala on your views on Religion, Secularism of government, current religious nationalism and politicians and monks abusing religion for their own benefit and abusing general public.

This is an important issue for growth of Sri Lanka and we believe your short message can be elaborated. There are lot of people who think alone your way, but they are silent. We want to educate the public on this abuse of religion and communicate and educate a larger audience. We need high quality writers in Sinhala with like minded views.

We are a group of engineers and scientists trying to promote science, reason and secularism for religious harmony and democracy.

Please check the website and let me know.

Hemantha Wijesooriya

co-editor

Prasad Mapatuna

co-editor

Unknown said...

@ sliverwolf,
Those are Shaakunthala's words not mine. I just highlighted his words to show that I agree with him. Seems like you didn't read his whole article. If so you should invite him, to write a post in his views on Religion, not me. Anyway thanks for your comment mate & I'll definitely write a post about that in near future.

Post a Comment

යන ගමන් පුංචියට හරි අඩි සළකුණක් තියලම යන්න... මේ ගමනේ කොහේදි හරි, කවදා හරි අපි ආයෙත් හමුවේවි. එදාට ආපහු හැරිලා බලද්දි ඒ පුංචි සළකුණ ලොකු මතක සටහනක් වෙලා තියෙන්නත් බැරි නෑ....