"The reason I wrote my books in the first place was to preserve the stories of my childhood for today's children, to help them to understand how much America had changed during my lifetime..." Laura Ingalls Wilder (1867 - 1957)

Thursday, March 11, 2010

මෙතෙක් හමු නොවූ ඇය....

ඈත සිතිජයෙ සැඟවිලා
හිරුත් මිලිනව යනු බලා
මගේ සිතුවිලි පා කරන්නම්
සුළං රැල්ලක දවටලා..

පුංචි තරු කැට දිළිසිලා
සඳට තනි මකනා නියා
හදේ තනිකම මැකී යා නම්
සඳක් වී ඔබ හිනැහිලා..

නේක මල් හසරැල් සලා
මා වටා සිටියත් බලා
මල් ලොවේ අග රැජිණ ඔබමයි
හිඳිමි තවමත් මග බලා..

හදේ සෙනෙහස පුරවලා
රෝස මල් පෙති අතුරලා
සත්තකයි මම බලා ඉන්නම්
එන්න හැකිනම් පියඹලා...


(05/11/09)

4 ප්‍රතිචාර:

හෙළයා said...

ඇය ඉක්මනින්ම හමුවේවා !
ලස්සන පද ටිකක් මගේ මිත්‍රයා...

නිශාචරයා Nishacharaya said...

බොහොමත්ම ස්තූතියි මිත්‍රයා...

Anonymous said...

රෝස මල් පෙති පරවෙලා
නොයනු ඇත හෙට විසිරිලා
දුර නොවේ ඇය ළඟ ළඟම ඇත
ටිකක් මඟ ඉනු ඉවසලා

ලස්සනයි ෴

Unknown said...

ලස්සනයි... ස්තූතියි අක්කා... :)

Post a Comment

යන ගමන් පුංචියට හරි අඩි සළකුණක් තියලම යන්න... මේ ගමනේ කොහේදි හරි, කවදා හරි අපි ආයෙත් හමුවේවි. එදාට ආපහු හැරිලා බලද්දි ඒ පුංචි සළකුණ ලොකු මතක සටහනක් වෙලා තියෙන්නත් බැරි නෑ....