හදිස්සියෙම මට බ්ලොග් එකක් තිබුනනේ කියලා මතක් වෙලා ඒක තාම යහතින් තියෙනවද
බලන්න ඔළුව දැම්මා... හුටා අවුරුදු 3ක් වෙන්න ඔන්න මෙන්න... නරකම නෑ... :D
එදාටනම් මොනව හරි ලියනවම කියලා එවෙලේ හිතාගත්තට දැන් මම මේ ලියන වෙලාව
වෙද්දිත් රෑ 12 පහු වෙලා. කමක් නෑ අතින් පයින් යනවයැ...
ආපහු හැරිලා බලන්න තරම් ලියපු දෙයක් නැති උනත්, අද වෙද්දි මේ කෙරුවාව පටන් ටගත්ත දවසේ ඉඳලා අවුරුදු 3ක් ගත වෙලා. කොටින්ම අවුරුදු 3කට පස්සේ අද මේ ලියන්නේ මගේ 24 වෙනි ලිපිය :) ඒක ලියන්නෙත් අන්තිම ලිපිය ලියලා අවුරුදු 2කට විතර පස්සේ. ඔන්න ඔහොමයි මගේ බ්ලොග් කෙරුවාව. ලිවීම ඔහොම උනත් බ්ලොග් හරහා ඇති කරගත් දැන හැඳුනුම්කම් යාළු මිත්රකම් නම් බොහොමයි.
ඉතින් මම ස්තූති කරන්නම ඕනේ පහු ගිය කාලේ මට මොකද උනේ කියලා හොයලා බලපු ඒ හැමෝටම.
සයිබරෙන් ඈත් වෙලා හිටපු කාලේ ගොඩක් දේවල් වෙනස් වෙලා. මම වගේම තවත් සමහර අය අතුරුදහන් වෙලා, ගොඩක් අය අලුතෙන් එකතු වෙලා. ඒ කාලේ හිටපු අයටත් දැන්නම් මාව මතක නැතුව ඇති සමහරවිට. කොහොම හරි ඔන්න 'නිශාචරයා' තාමත් ජීවතුන් අතර...
අදින් පස්සේ ආයෙත් ලියයිද නැද්ද, කවදා ලියයිද කියලා නම් මමවත් දන්නෙ නෑ, හැබැයි ලිව්වේ නැතත් කියවන්න නම් එනවා දිගටම, ඉතින් අපි හමුවේවි...
1 ප්රතිචාර:
කාලෙකට පස්සේ. දැණ් නම් බ්ලොග් ලියවිල්ල මාත් කරන්නේ නැහැ. බුකියේ දැක්කේ උඹ තාම ඉන්නවා කියලා :-D
Post a Comment
යන ගමන් පුංචියට හරි අඩි සළකුණක් තියලම යන්න... මේ ගමනේ කොහේදි හරි, කවදා හරි අපි ආයෙත් හමුවේවි. එදාට ආපහු හැරිලා බලද්දි ඒ පුංචි සළකුණ ලොකු මතක සටහනක් වෙලා තියෙන්නත් බැරි නෑ....