දින ගණනක් පුරා එක්වී කවි ගෙතුව
මුළු කවි මඩුව රස ආකරයක් කෙරුව
ඔබ හැමදෙනාටම හද පතුලෙන් මතුව
එන සුභ පැතුම් පතනෙමි අහිතක් නැතුව...
කවි මඩුවක් තනා කවි සිත් සනසන්න
පෙරමුණ ගත්ත සැමටම තුති පුදමින්න
මේ බැඳි මිතුරු දම් සදහට පවතින්න
පැතුමක් තියා මම සමුගෙන යමි ඔන්න...
මේ විදියට සමාප්ති සටහනක් තියලා මට කවි මඩුවෙන් කලින්ම සමුගන්න සිද්ධ වුනු නිසා මගේ මඩ ව්‍යාපාරයත් එතනින්ම නැවතුනා. කවි මඩුවේ මගේ කෙරුම් කවි 110කට සීමා වුනත් එය මම මගේ ජීවිතය තුල ලියූ වැඩිම කවි ප්‍රමාණය ලෙස පෞද්ගළික වාර්තාවක් මට හිමිකර දුන්නා. :D එයිනුත් වැඩිම ප්‍රමාණයක් (39 ක්) ලියා තිබුනේ අවසන් දිනය තුල. 110ක් ලියලා මූ කියවන තරමක් නේද... :P
ඇත්තටම මට කරන්න අවශ්‍ය වුනේ මං ගැනම පුංචි පරීක්ෂණයක්. මම සාමාන්‍යයෙන් එක දෙයක් එක දිගටම කරගෙන යන්න පුළුවන් මනුස්සයෙක් නෙමෙයි. කරන කරන හැම වැඩේම බාගෙට... බ්ලොග් ලියවෙන්නෙත් කලාතුරකින්, මෙහෙම ගිහින් ඒකත් නැවතිලාම යයිද මන්දා... :(
යන්තම් කොහොම හරි පද හතරක් ගැට ගහගන්න පුළුවන් වෙයි කියලා හිතුන නිසා කවි මඩුවට අයැදුම් කළත් කවියෙන් වාද කරන්න පුළුවන් වෙයිද කියලා සැකයකුත් තිබුනා. ඒ වගේම කවි මඩුව පැවැත්වුනු වෙලාවත් එක්ක මට ඒ හා රැඳී ඉන්න තිබුනු කාලයත් ඉතා සීමිත වුනා. නමුත් නොහිතපු විදියට මම කවියට ඇබ්බැහි වුනු නිසා කඩින් කඩ වුනත් අතරමග නොනැවතී අවසානය තෙක් ඒ හා රැඳී සිටීමට හැකි වුනා. ඉතින් ඔන්න ඔය වගේ හේතු නිසා තමයි ඔය ලියපු පුංචි කවි 110 මට විශේෂ කාරණයක් බවට පත් වෙන්නේ.
ඒ වගේම අතීත කවි මඩුවල අසන්නට ලැබුණු එළිසම සහිත, පද හතරේ කවිය පුළුවන් තරම් කවි මඩුව තුලදී භාවිතා කරන්න මම පුංචි උත්සාහයක් ගත්තා. ඒ උත්සාහයේ සාර්ථක අසාර්ථක බව තීරණය කිරීම පාඨක ඔබට බාරයි....
ඒ එක්කම මට වඩා සාර්ථකව ඒ කාර්යයේ නිරත වෙමින් මගේ ප්‍රියතම කවියා බවට පත් වූ 'අනුරාධ' සොයුරාට මගේ උණුසුම් සුභ පැතුම්.
අවසාන වශයෙන් මා හා නිතරම වාදයට පැටළුනු වැප් සොයුරාටත් දිල්, හිපෝ සහ පබලු සොයුරියන්ටත් අදහස ඉදිරිපත් කළ ගීත් සොයුරාට සහ එම අදහස සාර්ථකව ක්‍රියාවට නැංවූ 'ලාංකීය සිතුවිලි' මිතුරු කැළටත් විශේෂයෙන් ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම නම් සඳහන් නොකළත් කවි මඩුව සාර්ථක කිරීමටත් එය සුන්දර හා රසවත් කිරීමටත් එක් වූ කවියට පෙම් බැඳි සියළුම සොයුරු සොයුරියන් සිහිපත් කරමින් ඔන්න මම නිළ වශයෙන්ම කවි මඩුවෙන් සමුගන්නවා....
ඔබ සැමට කවි බර හෙටක්.......!!!
ආ සැම දෙනට කියවන්නට මගෙ බයිලා
පුදනව ස්තුතිය හදවත දිග ඇරලා
ඔබ සැම මිතුරන්ය සැමදා ඇති රැඳිලා
මගෙ දොර අගුළු ඇත ඔබ සැමටම ඇරිලා...
ප.ලි.
කැමති කෙනෙකුට මෙතනින් ගිහින් සම්පූර්ණ කවි මඩුවම බලන්න පුළුවන්.
2011/04/16
10 ප්‍රතිචාර:
හි හි වරෙන් දෙන්න ලබන පාරත් .............
[ මං තරම් මඩ කාපු එකේක ඉන්න නැතුව ඇති ඔය මඩුවේ ... ]
ඉවරද?????
අම්මෝ එහෙනම් මාත් කවි 110ක් කියෙව්ව ඔන්න.......
ඔච්චර ලස්සනට කවි ටික තියෙද්දි ආයෙ තව මොනවද මගේ අයියේ.......
අනුරාධ අයියගේ කවි නම් දෙක තුනයි කියවන්න ලැබුනෙ මට......
@ වැප්
අයිය රජ කෑමක් නේ කාල තියෙන්නේ බලන් ගියාම......... :P
@ වැප්,
ඒකනම් ඇත්ත.. උඹ නාපු මඩ යවන්නනම් අවුරුද්දක් විතර නාන්න වෙයි... හිකිස්.. :D
@ හා පැටික්කි,
Thanx නංගියා... අනුරාධ අයියගෙ කවිත් කියවලා බලන්න, මරු..
මන් අවා පරක්කු වැඩිද මන්දා. කමක් නෑ. කොහොම හරි ආවනෙ.
මෙන්න මේකා මටත් සුභ පතලා. තැංකූ.... තැංකූ....... උඹේ කවි ගැනත් ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නෑ බං. පංකාදු පහයි.
ඒක නෙවෙයි. හැබෑටම දැන් ඒ පාර කෝ උඹ. මොකෝ පේන්න නැත්තෙ. දැන් ඒ පාර රෑට නිදාගන්න පුරුදු උනාද. මෙන්න මේ පිස්සු නොකර ඇවිත් ලියපන්. නැත්නම් මන් හොයන් ඇවිත් කණට දෙකක් ගහන්නේ.
@ අනුරාධ,
මෙන්න මූ ඇවිල්ලා... එළ එළ... :D මම මේ දවස්වල ප්‍රශ්න වගයක පැටලිලා මචන් ඉන්නේ, ඉතින් ජාලෙට එන්නෙ හරිම අඩුවෙන්. ආවත් එහෙන් මෙහෙන් බලලා යනවා විතරයි. මේ බ්ලොග් එකටත් අදයි ගොඩ උනේ කාලෙකට පස්සේ.
ලියන්න තරම් ඔළුව නිදහස් නෑ බන් ඒකයි පැත්තකට වෙලා ඉන්නේ. බලමුකෝ ඉස්සරහට... Thanx මචන් හොයලා බැලුවට...
ප්‍රශ්ණ නැත්තෙ කාටද බන්. සැලෙන්න එපා. නිදහස් වෙලාවක ආයේ ලියපන්. මොකද උඹ නොලියන අඩුව අපිට තදින් දැනෙනවා. මම මේල් එකක් එවල ඇති. හම්බ උනාද?
මාත් බැලුවා මොකෑ ඩයල් එක පෙන්න නැත්තේ .....
මම තමයි කව්වේ අනුරාධට උබ ගැන හොයලා බලන්න කියලා ... පෙනේද මු මං ගැන සඳහනක්වත් කරලා නැති හැටි :D
ඔය වැප් කියන එකාව මගේ අතට අහු උනොත් මන් ඕකගේ මයිල් ගහේ ඉදන් හම ගහනවා කෙලින බොරු වලට.... :D
මාත් ඒ අහිංසකයව හොය හොය ඉන්නේ ..............
පණීවුඩයක් කියන්න තිනවා .....
හම්බ උන කෙනෙක් කියන්න
ඉන්නවා අ නෙන් නම පටන් ගන්න හා බර කරලා ධ ධ ධ කියලා අවසන් කරන නමක් තියන සුට්ටං කොලලෙක් අන්න එකාගෙන් පරිස්සම් වෙන්න කියලා වැපාට කියන්න ...........
[හිකිස් හුහු]
@ අනුරාධ & වැප්,
යකෝ මම නැති අතරේ මුන් දෙන්නා මෙතන මරාගෙනනේ... :) එළ එළ මම තාම ජීවතුන් අතර කොල්ළනේ... අදයි කාලෙකින් මේ පැත්තට ආවේ. තැන්කූ කිව්වා මෙහෙම හොයලා බලනවට.
Post a Comment
යන ගමන් පුංචියට හරි අඩි සළකුණක් තියලම යන්න... මේ ගමනේ කොහේදි හරි, කවදා හරි අපි ආයෙත් හමුවේවි. එදාට ආපහු හැරිලා බලද්දි ඒ පුංචි සළකුණ ලොකු මතක සටහනක් වෙලා තියෙන්නත් බැරි නෑ....